Back to Top

සයුරෙන් එතෙර

ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් 10 මරුට

ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් 10 මරුට

March 9, 2018  03:01 pm

Bookmark and Share


තලෙයිබාන් සටන්කාමීන් විසින් ඇෆ්ගනිස්ථානයේ තකාර් ප්‍රදේශයට එල්ල කළ ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

හමුදා මුරපලක් වෙත ගමන් කරමින් සිටි පොලිස් නිලධාරීන් පිරිසක් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රහාරයෙන් තවත් නිලධාරීන් නව දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

තලෙයිබාන් සංවිධානයේ මාධ්‍ය  ප්‍රකාශක සබිහුල්ලාහ් මුජාහිඩ් විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති බව වාර්ත වෙයි.