මීට පස්සේ රැවුල විලාසිතාවක් ලෙස කපන්න බෑ
සයුරෙන් එතෙර

මීට පස්සේ රැවුල විලාසිතාවක් ලෙස කපන්න බෑ

March 8, 2018   12:34 pm



පිරිමි පුද්ගලයින් සඳහා රැවුල විලාසිතාවක් ලෙස පවත්වාගෙන යාම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබේ.

පකිස්ථානයේ බුක්දුන්ගාවා ප්‍රන්තයේ මෙලෙස මෙම තහනම පනවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය දිනෙක බේශාවර් ප්‍රදේශයේ එරට රූපලාවන්‍යාගාර සේවකයින් සඳහා පැවති සමුළුවකදී මෙම තීරණයට එළඹ තිබේ.

මෙලෙස මෙම තීරණය ගැනීමට හේතුවී ඇත්තේ රැවුල විලාසිතාවක් ලෙස පවත්වාගෙන යාම එරට ඉස්ලාම් ධර්මයට විරුද්ධ වීම හේතුවෙන් බව වාර්තා වේ.