බාල්දිකොකු වංගුවේ තිබී ත්‍රීරෝද රථ රියදුරාගේ සිරුර හමුවෙයි-මරණය අභිරහසක්

බාල්දිකොකු වංගුවේ තිබී ත්‍රීරෝද රථ රියදුරාගේ සිරුර හමුවෙයි-මරණය අභිරහසක්

February 13, 2018   01:12 pm


මාතලේ කවටයාමුණ බාල්දිකොකු වංගුව අසල ත්‍රීරෝද රථයක් තුළ තිබී පිරිමි මළ සිරුරක් සොයාගෙන තිබේ.

අද (13) පෙරවරුවේ  මහවෙල අපරාධ විමර්ශන ඒකකය මඟින් මෙම මළ සිරුර සොයාගෙන තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 66 ක කුරුණැගල මල්කඩුවාව ප්‍රදේශයේ ත්‍රීරෝද රථ රියදුරෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකි.

අදාළ පුද්ගලයා  පෙරේදා (12) පෙරවරු 11.00ට පමණ ත්‍රීරෝද රථ නැවතුම්පලෙන් පිටත්ව ඇති බවට කරන ලද පරික්ෂණයෙන් අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ  මහවෙල පොලීසිය විසින් සිදුකරයි.