ලිංගිකත්වය  හුවා දැක්වු විදේශිකයින්ට  වැඩේ වරදී
සයුරෙන් එතෙර

ලිංගිකත්වය හුවා දැක්වු විදේශිකයින්ට වැඩේ වරදී

February 12, 2018   05:48 pm



ලිංගිකත්වය හුවා දැක්වෙන ඡායාරූප ප්‍රසිද්ධ කිරිම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින විදේශිකයින් 07 දෙනෙකු රටින් පිටුවහල් කිරිමට කාම්බෝජියා රජය පියවර ගෙන තිබේ.

කාම්බෝජියේ හෝටලයක් තුළ සාදයකදී විවිධ ලිංගික ඉරියව් පෙන්නුම් කරන රංගනයක නිරතවෙමින් ලබාගත් ඡායාරූප ප්ර්සිද්ධ කිරිම හේතුවෙන් විදේශිකයින් 10 දෙනෙකු පසුගිය මාසයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය සතියේදී ඉන් 07 දෙනෙකුට ඇප ලබාදී ඇති අතර ඔවුන්  බ්‍රතාන්‍ය,නවසීලන්ත සහ කැනඩා ජාතිකයින්ය.