ශ්‍රී ලංකා සමඟ සටනට බංග්ලාදේශ කණ්ඩායමට නවක ක්‍රීඩකයින් 05ක් - සකිබ්ට 20-20 තරඟාවලිය අහිමිවෙයි

ශ්‍රී ලංකා සමඟ සටනට බංග්ලාදේශ කණ්ඩායමට නවක ක්‍රීඩකයින් 05ක් - සකිබ්ට 20-20 තරඟාවලිය අහිමිවෙයි

February 12, 2018   10:15 am



ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන 20-20 තරඟාවලිය සඳහා බංග්ලාදේශ කණ්ඩායමට නවක ක්‍රිඩකයින් 05 දෙනෙකු ඇතුළත් කර ඇති අතර ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු 20-20 තරඟය එළඹෙන බ්‍රහස්පතින්දා(15) පැවැත්විමට නියමිතව තිබේ.

ආබාධයකට ලක්ව සිටින බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රබල ක්‍රිඩකයෙකු වන සකිබ් අල් හසන්ට ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන පළමු 20-20 තරඟයට ක්‍රිඩා කළ නොහැකි බව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කර තිබේ.

පසුගියදා අවසන් වූ තුන්කොන් ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සමඟ පැවැති තරඟයකදී  සකිබ් අල් හසින් ආබාධයකට ලක්විය.

සකිබ් අල් හසන්ට ඇගිල්ලක සැත්කමක්ද, සිදුකර ඇති අතර එය තවමත් සුව නොවීම හේතුවෙන් ඔහුට පළමු 20-20 තරඟය අහිමි වන බව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශ කර තිබේ.