Back to Top

දෙවන ටෙස්ට් තරඟයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

දෙවන ටෙස්ට් තරඟයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

February 8, 2018  08:56 am

Bookmark and Share


ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර දෙවන ටෙස්ට් තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

අද තරඟය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුකර ඇති බව සඳහන්ය.

අකිල ධනංජය සහ ධනුෂ්ක ගුණතිලක අද කණ්ඩායමට කැදවා ඇති අතර ලහිරු කුමාර සහ ලක්ෂාන් සඳකැන් කණ්ඩායමෙන් ඉවත් කර තිබේ.

අකිල ධනංජය සහභාගී වන පළමු ටෙස්ට් තරඟය මෙයයි.

බංගලාදේශ කණ්ඩායමේ ද වෙනස්කම් දෙකක් සිදුකර තිබේ.

ශබීර් රහමාන් සහ අබ්දුල් රසාක් කණ්ඩායමට කාඳවා ඇති අතර මොසුදික් හොසෙයින් සහ සුන්සමුල් ඉස්ලාම් කණ්ඩායමෙන් ඉවත් කර ඇති බව සඳහන්ය.