හිටපු ජනාධිපති අබ්දුල් හා තවත් අයෙක් අත්අඩංගුවට
සයුරෙන් එතෙර

හිටපු ජනාධිපති අබ්දුල් හා තවත් අයෙක් අත්අඩංගුවට

February 6, 2018   07:08 am

මාලදිවයිනේ ජනාධිපති අබ්දුල්ලා යමීන් විසින් එරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු අගවිනිසුරු අබ්දුල් සාහීඩ් සහ හිටපු ජනාධිපති අබ්දුල් ගයුම් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ(05) දිනයේ දී මාලදිවයිනේ මෙලෙස හදිසි තත්ත්වයක් ලෙස ප‍්‍රකාශයට පත් කෙරිණි.

රටේ පවතින දේශපාලනික අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් දින 15 ක කාලයක් මෙලෙස  හදිසි තත්ත්වයක් එරට ජනාධිපතිවරයා විසින් ප‍්‍රකාශයට පත් කෙරිණි.