Back to Top

 හෙට්ටිපොලදී ජීවිතයක් මහ මඟ නැවතුණ හැටි

හෙට්ටිපොලදී ජීවිතයක් මහ මඟ නැවතුණ හැටි

January 13, 2018  01:30 pm

Bookmark and Share


හලාවත - කුරුණෑගල මාර්ගයේ හෙට්ටිපොල ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් තරුණයෙකු මියගොස් තිබේ.

යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව ඉදිරියෙන් ගමන් කළ කැබ් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු සහ පසු පැදිකරු බරපතළ තුවාල ලබා හෙට්ටිපොල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු  පැදිකරු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ හිරිගොල්ල, කොබෙයිගනේ  ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි තරුණයෙකි.

පශ්චාත් මරණ පරීක්ෂණය අද(13) සිදු කිරීමට නියමිත අතර හෙට්ටිපොල පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.