19 පහළ ක්‍රිකට් ලෝක කුසලානය හෙටින් ආරම්භ වෙයි

19 පහළ ක්‍රිකට් ලෝක කුසලානය හෙටින් ආරම්භ වෙයි

January 12, 2018   04:19 pm



19 න් පහල ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය හෙටින් ආරම්භ වේ.

නවසීලන්තයේදී පැවැත්වෙන තරඟාවලිය සදහා කාණ්ඩ 04ක් යටතේ කණ්ඩායම් 16ක් තරඟ වැදීමට නියමිතය.

කමිඳු මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා 19න් පහල කණ්ඩායම ඩී කාණ්ඩය යටතේ තරඟ වදින අතර ඇෆ්ගනිස්ථානය, අයර්ලන්තය සහ පාකිස්ථානය එම කාණ්ඩය යටතේ තරඟ වදින සෙසු කණ්ඩායම් වේ.

තරඟ 48කින් සමන්විත තරඟාවලියේදී සෑම කණ්ඩායමක්ම පළමු වටයේ තරඟ 03කට සහභාගී වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරඟය  ලබන 14 වනදා අයර්ලන්ත කණ්ඩායම සමග පැවැත්විමට නියමිතය.

2016 වසරෙ පැවැති 19න් පහල ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශූරතාව හිමිකර ගැනිමට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමත් විය.