Back to Top

සයුරෙන් එතෙර

  චීන මුහුදේදී අතුරුදන්වූවන් සොයා තවදුරටත් මෙහෙයුම්

චීන මුහුදේදී අතුරුදන්වූවන් සොයා තවදුරටත් මෙහෙයුම්

January 8, 2018  11:51 am

Bookmark and Share


චීන මුහුදේදී නෞකා දෙකක් ගැටීමෙන් සිදු වූ අනතුරින් අතුරුදන් වූවන් සෙවීමේ මෙහෙයුම් කටයුතු සඳහා සහය ලබාදීමට අමෙරිකාව පියවර ගෙන තිබේ.

නැගෙනහිර චීන මුහුදේදී ඉන්ධන ප්‍රවාහන නෞකාවක් සහ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරින් ඉන්ධන ප්‍රවාහන නෞකාවේ සිටි පුද්ගලයින් 32 දෙනෙකු අතුරුදන් වුණි.

ඒ අනුව ඊයේ(07) දිනයේ සිට චීනය සහ දකුණු කොරියාව ගුවන් යානා සහ යාත්‍රා යොදා ගනිමින් සෝදිසි මෙහෙයුම් සිදු කළේය.

අමෙරිකාව ද මේ වන විට එම මෙහෙයුම් සඳහා දායකත්වය දක්වමින් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.