මෙහොමඩ් ෂාසාඩ් යළි කැඳවයි

මෙහොමඩ් ෂාසාඩ් යළි කැඳවයි

January 8, 2018   09:12 am

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවෙකු මෙන්ම කඩුලු රකින ක්‍රීඩකයෙකු වන මොහොමඩ් ෂාසාඩ් එළඹෙන සිම්බාබ්වේ තරඟාවලිය සඳහා යළි නම් කර තිබේ.

ඇෆ්ගනිස්ථානය සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර එක්දින සහ 20යි 20 තරඟාවලිය එළඹෙන පෙබරවාරි මාසයේදී එක්සත් අරාබි ඒමීර් රාජ්‍යයේදී පැවැත්විමට නියමිතයි.

මොහොමඩ් ෂාසාඩ් පසුගිය වසරේ ජනවාරි 17 වන දිනයෙන් පසුව මේ දක්වාත් කිසිදු ජාත්‍යන්තර තරඟයකට ක්‍රීඩා කර නැහැ.

ඔහු මේ දක්වාත් එක්දින ජාත්‍යන්තර තරඟ 58කදී ලකුණු 1901ක් රැස්කරගෙන ඇති අතර ඊට ශතක 04ක් සහ අර්ධ ශතක 09ක් ඇතුළත් වෙයි.

20යි 20 තරඟ 58කට සහභාගී වි ඇති ඔහු එහිදී රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 1779ක්.