Back to Top

සයුරෙන් එතෙර

පුරෝගාමී අමෙරිකානු ගගනගාමියා මිය යයි

පුරෝගාමී අමෙරිකානු ගගනගාමියා මිය යයි

January 7, 2018  09:25 am

Bookmark and Share


පුරෝගාමී අමෙරිකානු ගගනගාමියෙකු වූ ජෝන් යන්ග් අභාවප්‍රප්ත වී තිබේ.

අවස්ථා දෙකකදී සඳ වෙත ගමන් කර ඇති ඔහු පළමු අභ්‍යාවකාශ ශටල මෙහෙයුමට ද‍ සහභාගී වූ අයෙකු ලෙසයි සැලකෙන්නේ.

ජෙමිනි, ඇපලෝ සහ ස්පේස් ශටල් වැඩසටහන් තුන සදහාම සහභාගී වූ එකම ගගනගාමියා ද වන්නේ ජොන් යන්ග් වීම විශේෂත්වයක් වේ.

මිය යන විට 87 වන වියේ පසු වූ ඔහු පිළිබද නාසා ආයතනය ප්‍රකාශ කර ඇත්තේ අද ලෝකයට විශිෂ්ටයෙකු අහිමි වූ බවයි.