Back to Top

ඔස්ට්‍රේලියානු සංචිතය නම් කරයි

ඔස්ට්‍රේලියානු සංචිතය නම් කරයි

January 3, 2018  02:51 pm

Bookmark and Share


එංගලන්තය සමඟ පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරඟාවලිය සඳහා සහභාගී වන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කර තිබේ.

ස්ටීවන් ස්මිත්ගේ නායකත්වයෙන් යුත් ඔස්ට්‍රේලියානු සංචිතය සඳහා ඩේවිඩ් වෝනර්, පැට්‍රික් කුමින්ස්, ආරෝන් ෆින්ච්, ජෝෂ් හැසල්වුඩ්, ට්‍රෙවිස් හෙඩ්, ක්‍රිස් ලයින්, මිචෙල් මාර්ෂ්, ටිම් පේන්, ජේ රිචඩ්සන්, මිචෙල් ස්ටාර්ක්, මාර්කස් ස්ටෝනිස්, ඇන්ඩෲ ටයි, ඇඩම් සම්පා  ඇතුලත් වේ.

 කෙසේවෙතත් ඔස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රිඩක ග්‍රේන් මැක්ස්වෙල් එම සංචිතය සඳහා නම් කර නැහැ.

තරඟාවලිය එක්දින තරඟ 05 කින් සමන්විත වන අතර එය ලබන 14 වනදා ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් හිදී ආරම්භ වීමට නියමිතය.