Back to Top

මුදලට වඩා රට වටින බව පවසා මිචෙල් මාෂ් IPL වලින් ඉවත් වෙයි

මුදලට වඩා රට වටින බව පවසා මිචෙල් මාෂ් IPL වලින් ඉවත් වෙයි

January 2, 2018  09:25 am

Bookmark and Share


ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ මිචෙල් මාෂ් ඔස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායමට පූර්ණ වශයෙන් ක්‍රිඩා කිරීම සදහා අයි.පී.එල්. තරගාවලියෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.

පුහුණුකරුවන්ගෙන් ලැබුණු උපදෙස් මත ඔහු මෙම තීරණයට එළඹ ඇති බවයි වාර්තා වේ.

 අයි.පී.එල්.තරගාවලිය සදහා පසුගිය වසරේ දී  ඔහු රයිසින් පූනේ කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි 4යි දශම 8ක මුදලකට මිලදී ගෙන ඇති අතර එය එම වසරේ ක්‍රිඩකයෙකුට ගෙවූ ඉහළම මිල විය.

කෙසේවුව ද මුදලට වඩා රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම සදහා මෙම තීරණය ගත් බවයි මිචෙල් මාෂ් ප්‍රකාශ කර ඇත.

 අළු බඳුන ටෙස්ට් තරගාවලියේ එංගලන්තය සමග පැවති තෙවන ටෙස්ට් තරගයේ දි මිචෙල් මාෂ් ලකුණු 181ක් ලබාගැනිමට සමත් විය.