Back to Top

 ඊළඟ තරඟයට සංචිතය නම් කරයි

ඊළඟ තරඟයට සංචිතය නම් කරයි

January 1, 2018  02:15 pm

Bookmark and Share


පකිස්ථානය සමඟ පැවැත්වෙන එරෙහිව පැවැත්වෙන ක්‍රිකට් තරඟාවලිය සඳහා සහභාගී වන නවසීලන්ත සංචිතය නම් කර තිබේ.

පසුගියදා ඇති වූ ආබාධ තත්ත්වයක් හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත්ව සිටි මාර්ටින් ගප්ටීල් යළි සංචිතයට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.

ඊට අමතරව නායක කේන් විලියම්සන්ගේ ටොඩ් ඇස්ට්ල්, ඩග් බ්රේමස්වේල්, ටෙන්ට් බෝල්ට්, ලොකී ෆර්ගසන්, මැට් හෙන්රි, ටොම් ලැතම්, කොලින් මුන්රො, හෙන්රි නිකලස්, මිචෙල් සැන්ට්නර්, ටිම් සවුති සහ රොස් ටේලර් සංචිතයට ඇතුළත් වෙයි.

දෙරට අතර එක්දින තරඟ 05ක් සහ 20යි 20 තරඟ 03ක් පැවැත්වීමට නියමිතව තිබේ.

තරඟාවලිය ලබන 09 දා නවසීලන්තයේ, වෙලින්ටන් හිදී ආරම්භ වීමට නියමිතය.