Back to Top

දුම්රිය රියදුරන්ගේ වර්ජනය අද ක්‍රියාත්මකයි - දුරගමන් කිහිපයකුත් නවතියි

දුම්රිය රියදුරන්ගේ වර්ජනය අද ක්‍රියාත්මකයි - දුරගමන් කිහිපයකුත් නවතියි

December 7, 2017  08:51 am

Bookmark and Share

දුම්රිය වෘත්තීය සමිති වැඩවර්ජනය හේතුවෙන් අද උදෑසන ධාවනය වීමට නියමිතව තිබූ දුරගමන් දුම්රිය කිහිපයක් අවලංගු කළ බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

(UPDATE)


දුම්රිය එංජින් රියදුරු සහයකයින් බඳවාගැනීමේ ක්‍රියා පටිපාටියට විරෝධය පළ කරමින් දුම්රිය රියදුරන් ඊයේ (06) මධ්‍යම රාත්‍රීයේ සිට වැඩවර්ජනයනයක් ආරම්භ කර තිබේ.

ලොකොමොටිව් ඔපරේටිව් ඉංජිනියර්ස් සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කලේ සිය ගැටලුවට විසදුම් ලබාදීමට බලධාරීන් අපොහොසත්වීම හේතුවෙන් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

වැඩවර්ජනය ක්‍රියාත්මක වුවද ද පෙරවරුවේ දුම්රිය ගමන්වාර රැසක් ධාවනය කිරීමට පියවර ගන්නා බව ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේය.

දුම්රිය රියදුරු වැඩවර්ජනය හේතුවෙන් අද පෙරවරුවේ ගමන් ආරම්භ කරන දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කිරීමට සිදුව ඇති බව ප්‍රධාන දුම්රිය පාලක මැදිරිය පවසයි.

කෙසේවෙතත් සියලුම දුම්රිය මාර්ග වල කාර්යාල දුම්රියක් රැසක් ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බව දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කළේය.