දකුණු දිග කැලිෆෝනියාවේ ලැව් ගින්නක්
සයුරෙන් එතෙර

දකුණු දිග කැලිෆෝනියාවේ ලැව් ගින්නක්

December 6, 2017   09:08 am



දකුණු දිග කැලිෆෝනියාවේ සීග්‍රයෙන් පැතිර යන ලැව්ගිනි තත්ත්වයන් හේතුවෙන් දහස් ගණනක පිරිස් පදිංචි ස්ථානවලින් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

ඊයේ පස්වරුවේ හටගත් ලැව්ගිනි මේ වන විට අක්කර 35,000 ක පමණ ප්‍රදේශයක ව්‍යාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

වෙන්චුරා ප්‍රදේශයට මේ හේතුවෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති අතර පුද්ගල මරණයක්ද වාර්තා වී ඇති බව සඳහන්ය.

ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන භටයින් 500 කට අධික පිරිසක් යොදවා ඇති බව වාර්තා වෙයි.

පසුගිය ඔක්තෝබර් මාසයේ උතුරු දිග කැලිෆෝනියාවේ හට ගත් ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණි‍ෙ

මෙම ලැව් ගින්න හේතුවෙන් අවට පදිංචිකරුවන් 27,000ක පිරිසක් නිවෙස් වලින් ඉවත් කර ඇති බව වාර්තා වෙයි.

මේ වන විට අක්කර 31,000ක පමණ  ප්‍රදේශයක් ලැව් ගින්නනෙන් විනාශ වී ඇති බව වාර්තා වෙයි.

බලපෑමට ලක් වූ ප්‍රදේශයෙන් ඉවත්වන විට ඇති වූ අනතුරකින් තවත් පුද්ගලයෙකු මියගොස් ඇති බව ද සඳහන්ය.

පැතිරයන ලැව් ගින්න හේතුවෙන් පුද්ගලයින් දෙලක්ෂ 60,000කට පමණ විදුලිය බිදවැටි ඇති බව වාර්තා වෙයි.