ශ්‍රී ලංකාවට ලකුණු 410ක ඉලක්කයක්

ශ්‍රී ලංකාවට ලකුණු 410ක ඉලක්කයක්

December 5, 2017   03:37 pm

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වෙන තෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ ඉන්දීය දෙවන ඉනිම කඩුලු 05 ක් දැවී ලකුණු 246 ක් ලබා සිටියදී අත්හිටුවා තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 410 ක ඉලක්කයක් හිමි වුණි.

තරඟයේ පළමු ඉනිම සඳහා ඉන්දීය කණ්ඩායම කඩුලු 07 ක් දැවී ලකුණූ 536 ක් ලබා ගත් අතර පිලිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 373 ක් ලබා ගත්තේය.

ලකුණු 163 ක වාසියක්ද සමඟින් දෙවන ඉනිම සඳහා පන්දුවට පහර දීම ආරම්භ කළ ඉන්දීය කණ්ඩායම කඩුලු 05 ක් දැවී ලකුණු 246 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළේය.

එම ඉනිම වෙනුවෙන් ශිකර් ධවාන් ලකුණු 67 ක්ද විරාත් කෝලි සහ රෝහිත් ශර්මා ලකුණු 50 බැඟින්ද ලබා ගත්තේය. 

ඉන්දියාවේ දිල්ලි නුවර වායු දූෂණය ඉහළ යාම හේතුවෙන් පවතින දැඩි දුමාරය හමුවේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පන්දු රැකීමේදී මුඛ ආවරණ පැළද සිටින ආකාරය අද දිනයේ ද දක්නට ලැබුණි.