දිල්ලියේ වායු දූෂණය ආයෙත් ඉහළ යයි
සයුරෙන් එතෙර

දිල්ලියේ වායු දූෂණය ආයෙත් ඉහළ යයි

December 5, 2017   03:07 pm



ඉන්දියාවේ නවදිල්ලි නගරයේ වායු දුෂණය ඉහළ ගොස් තිබේ.

එරට වායු තත්ත්ව නිරීක්ෂණ මධ්‍යස්ථානය ප්‍රකාශ කර ඇත්තේ ඊයේ(04) සහ අද(05) වන විට පසුගිය සති අන්තයට වඩා වායු දූෂණය ඉහළ යනු ඇති බවයි.

උෂ්ණත්වය පහලයාම සහ සුළගේ වේගය අඩුවිම මීට හේතුවී තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ලෝකයේ දූෂිත වායු ගෝලයක් සහිත නගර අතර දිල්ලි නගරය ඉදිරියෙන් පසුවෙයි.

එම නගරයේදී වායුව ස්වසනය කිරීමෙන් ස්වසන රෝග ඇතිවිය හැකි අතර ඇදුම සහ බ්‍රිතාන්‍ය කයිටීස් රෝගීන්ට  දැඩි බලපෑම් එල්ල විය හැකි බව වාර්තා වෙයි.

දිල්ලි නගරයේ වාසය කිරීමෙන් දෛනිකව ශරීරගත වන විෂ ප්‍රමාණය  දුම්වැටි පැකට්ටුවක් පානය කිරීමට සමාන වන බව සෞඛ්‍ය වාර්තා පෙන්වා දෙයි.