Back to Top

සයුරෙන් එතෙර

 විශාලතම දියමන්තිය මිලියන 6.5 කට අලෙවි වෙයි

විශාලතම දියමන්තිය මිලියන 6.5 කට අලෙවි වෙයි

December 5, 2017  02:49 pm

Bookmark and Share
Ad


ලොව විශාලතම දියමන්තිය අමෙරිකානු ඩොලර් මිලියන 6.5 කට වෙන්දේසියකදී අලෙවි වී තිබේ.

සියෙරා ලියෝන් හි සංවර්ධන ව්‍යාපෘති සඳහා අරමුදල් සැපයීමට එම දියමන්තිය මෙලෙස අලෙවි කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කිතුණු පාලකයෙකු විසින් සොයා ගැනුණු අදාළ දියමන්තිය කැරට් 709 ක බරින් යුතු වන අතර එය සාමයේ දියමන්තිය ලෙස නම් කර තිබේ.

මෙම වෙන්දේසිය  බටහිර අප්‍රිකාවේ නීති විරෝධී දියමන්ති ජාවාරම අවසන් කිරීම සඳහා ගත් ඉදිරි පියවරක් ලෙස සැලකිය හැකි බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.