Back to Top

  ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 373ට සීමා වෙයි

ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 373ට සීමා වෙයි

December 5, 2017  10:03 am

Bookmark and Share

ඉන්දීය කණ්ඩායම සමඟ පැවැත්වෙන තෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 373 කට සීමාකිරීමට ඉන්දීය පන්දු යවන්නන් සමත්ව තිබේ.

එම ඉනිම වෙනුවෙන් නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 164 ක්ද ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 111 ක්ද ලබා ගත්තේය.

චන්දිමාල් මෙම ඉනිමේදී ලබා ගත් ලකුණු සංඛ්‍යාව ඔහු සිය ටෙස්ට් දිවියේ ඉනිමකදී ලැබූ වැඩිම ලකුණු සංඛ්‍යාවයි.

එමෙන්ම 28 හැවිරිදි චන්දිමාල් ටෙස්ට් ලකුණු 150 සීමාව පසු කර ගිය සිව්වන අවස්ථාව මෙය වෙයි.

මීට පෙර ඉන්දීය කණ්ඩායමට එරෙහිව 2015 වසරේදී ලබා ගත්  ලකුණු 162 චන්දිමාල් ඉනිමකදී වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන්ව තිබුණි.