Back to Top

 මේ අවුරුද්දේ වැඩිපුර මාළු කාලා-මහින්ද සතුටු වෙයි

මේ අවුරුද්දේ වැඩිපුර මාළු කාලා-මහින්ද සතුටු වෙයි

November 14, 2017  03:34 pm

Bookmark and Share

මෙම වසර තුළ මෙරට ඒක පුද්ගල මත්ස්‍ය පරිභෝජනය ඉහළ ගොස් ඇති බව ධීවර අමාත්‍යංශය පවසයි.

ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමකදී මෙම තොරතුරු අනාවරණය වී ඇති බව සඳහන්ය.

2016 වසරේ දී මෙරට ඒක පුද්ගල මත්ස්‍ය පරිභෝජනය කිලෝග්‍රෑම් 22ක් වූ අතර එය මේ වසර තුළ කිලෝග්‍රෑම් 46 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.

වෛද්‍ය විද්‍යානුකූලව එක් පුද්ගලයෙකු වසරකට අවම වශයෙන් කිලෝග්‍රෑම් 44ක මත්ස්‍ය ප්‍රමාණයක් ආහාරයට ගත යුතු වුව ද මේ වසරේ දී එම ප්‍රමාණය ඉක්මවා යාම ඉතා වැදගත් කරුණක් බව අමාත්‍යවරයා මෙම සාකච්ඡාවේ දී පෙන්වා දී ඇත.

කෙසේවෙතත් මෙම වසර තුළ  ඇති වූ කාලගුණික සහ දේශගුණික විපර්යාස මත මෙවැනි මත්ස්‍ය පරිභෝජන ඉලක්කයක් උදාකර ගැනීමට හැකිවීම විශාල ජයග්‍රහණයක් බව ද සාකච්ඡාවට එක්වු නිලධාරීන් පෙන්වා දී තිබේ.

මෙම තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ලබන වසර තුළ ඒක පුද්ගල මත්ස්‍ය පරිභෝජනය කිලෝග්‍රෑම් 50 දක්වා වැඩි කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව සඳහන්ය.