Back to Top

 අතුරුදන් වූ කතගේ මළ සිරුර මැදිරිය කැළෑවකින් මතුවෙයි

අතුරුදන් වූ කතගේ මළ සිරුර මැදිරිය කැළෑවකින් මතුවෙයි

November 14, 2017  01:59 pm

Bookmark and Share



උඩුදුම්බර, මැදිරිය ප්‍රදේශයේ කැළෑවක තිබී සැක කටයුතු ලෙස මියගිය කාන්තාවකගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.

පොලීසියට ලැබුණු තොරතුරක් මත අදළ මළ සිරුර සොයාගෙන ඇති බව සඳහන්ය.

එලෙස මිය ගොස් ඇත්තේ 68 හැවිරිදි කාන්තාවක බව පොලීසිය පවසයි.

අදාළ කාන්තාව එම ප්‍රදේශයේම පදිංචිව සිටි උඩගෙදර සොපිනා නම් කාන්තාවකි.

මෘත ශරීරය සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමේදී ඇය පසුගිය මස 28 වන දා සිට  අතුරුදන්ව සිට ඇති බවද පොලීසිය සඳහන් කළේය.

මෘත ශරීරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය අද(14) දිනයේ සිදු කිරීමට නියමිතය.