Back to Top

 ‍FCIDය ඉවර කරපු පැමිණිලි 91ක් නීතිපතිට දීලා

‍FCIDය ඉවර කරපු පැමිණිලි 91ක් නීතිපතිට දීලා

November 14, 2017  01:29 pm

Bookmark and Share


පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් විමර්ශන අවසන් කරන ලද පැමිණිලි 91 ක් නීතිපතිවරයා වෙත යොමු කර තිබේ.

නීතිපති උපදෙස් අනුව ඉන් පැමිණිලි 12කට අදාළව මහාධිකරණයේ නඩු  පවරා ඇති බව වාර්තා වෙයි.

මූල්‍ය වංචා හා මූල්‍ය අපරාධවලට අදාළව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන  කොට්ඨාශය පැමිණිලි 336 ක් සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ආරම්භ කර තිබේ.

බරපතළ වංචා හා දූෂණ විමර්ශන ජනාධිපති කොමිසම මඟින්ද ඔවුන්ගේ විෂය පථයට අදාළ නොවන පැමිණිලි 33ක් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත බාර දී ඇති බව සඳහන්ය.

අදාළ පැමිණිලි 33 පිළිබඳ විමර්ශන ආරම්භ කිරීමට පෙර පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් එම පැමිණිලි යළි සලකා බැලීම සිදු කෙරෙන බව වාර්තා වෙයි.