රොහින්ග්‍යා සරණාගතයින් ගැන මියෙන්මාර හමුදාව සකස් කළ වාර්තාව එයි
සයුරෙන් එතෙර

රොහින්ග්‍යා සරණාගතයින් ගැන මියෙන්මාර හමුදාව සකස් කළ වාර්තාව එයි

November 14, 2017   09:38 am



රොහින්ග්‍යා සරණාගතයින් සම්බන්ධයෙන් මියෙන්මාර හමුදාව විසින් සකස් කළ අභ්‍යන්තර වාර්තාව නිකුත් කර තිබේ.

එම වාර්තාවට අනුව රොහින්ග්‍යා මුස්ලිම්වරුන් ඝාතනය කිරීම, ගම්මාන ගිනි තැබීම සහ ස්ත්‍රීන් දූෂණය කිරීම ඇතුළු චෝදනා මියෙන්මාර හමුදාව විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

කෙසේවෙතත් අදාළ වාර්තාවේ කරුණු සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවන බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසයි.

රොහින්ග්‍යා මුස්ලිම්වරුන් සම්බන්ධයෙන් මියෙන්මාරයේ පවතින ගැටුම්කාරී තත්ත්වයන් හේතුවෙන්  මේ වන විට එම සරණාගතයින් බොහෝ පිරිසක් බංග්ලාදේශයට පළාගොස් තිබේ.