Back to Top

බංගලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ වැඩිම ලකුණු උපුල් තරංගට

බංගලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ වැඩිම ලකුණු උපුල් තරංගට

November 13, 2017  09:41 am

Bookmark and Share
බංගලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ මේ වන විට වැඩිම ලකුණු ලාභියා බවට පත්විමට ශ්‍රී ලංකාවේ උපුල් තරංග සමත් වී තිබේ.

ඔහු තරඟ 05කදී අර්ධ ශතක තුනක් ඇතුළුව ලකුණු 197ක් ලබා සිටින අතර එහි සාමාන්‍ය 49.25ක් ලෙස දැක්වෙයි.

ඔහු නියෝජනය කරන ශිල්හෙට් සික්සස් කණ්ඩායම ලකුණු සටහනේ පෙරමුණ ගැනිමට ද සමත්ව තිබේ.

ඔවුන් තරඟ 05කදී තරඟ 03ක් ජයගෙන ප්‍රසාද ලකුණු 06ක් ලබා ගෙන තිබේ.

දෙවන ස්ථානය ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම ලබා ගෙන ඇති අතර ඊයේ(12) පැවැති තරඟයේදී ඩයිනමයිට්ස් කණ්ඩායම කණ්ඩායම වෙතින් ශිල්හෙට් කණ්ඩායම කඩුලු 08කින් පරාජයට පත් විය.