Back to Top

සයුරෙන් එතෙර

 පොලීසියට ගිනි තියලා පැනලා යද්දී පොලිස් වෙඩි පහරින්ම 2ක් අවසන් ගමන් යයි

පොලීසියට ගිනි තියලා පැනලා යද්දී පොලිස් වෙඩි පහරින්ම 2ක් අවසන් ගමන් යයි

November 12, 2017  04:17 pm

Bookmark and Share

පොලිස් ස්ථානයකට ගිනි තැබූ පුද්ගලයින් දෙදෙනෙකුට පොලීසිය විසින් සිදුකළ වෙඩි ප්‍රහාරයකින් එම පුද්ගලයින් දෙදෙනා මියගොස් තිබේ.

ඉන්දුනීසියාවේ සුමත්‍රා දූපතේ පොලිස් ස්ථානයකට ගිනි තැබු පුද්ගලයින් දෙදෙනෙකු එරට පොලීසිය සිදුකළ වෙඩි ප්‍රහාරයකින් මෙලෙස මිය ගොස් ඇත.

බටහිර සුමත්‍රාහි ධර්මාශ්‍රියා ප්‍රදේශයේ පොලිස් ස්ථානයක හටගත් ගින්නකින් එහි ප්‍රධාන ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම විනාශ වී තිබූ බව සඳහන්ය.

මේ සම්බන්ධයෙන් එරට පොලීසිය විමර්ශන සිදුකළ අතර සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට යාමේ දී මෙම වෙඩි ප්‍රහාරය සිදුකර තිබේ.

එහිදී එක් සැකකරුවෙකු සතුව තිබී ත්‍රස්ත සංවිධානයකට අයත් බවට සැලකෙන ලියකියවිලි කිහිපයක් ද සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.