ද්විත්ව පුරවැසිභාවය සහිත තවත් මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වෙයි-පාර්ලිමේන්තුවේ බහුතර බලයත් අහිමිවෙයි
සයුරෙන් එතෙර

ද්විත්ව පුරවැසිභාවය සහිත තවත් මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වෙයි-පාර්ලිමේන්තුවේ බහුතර බලයත් අහිමිවෙයි

November 12, 2017   10:53 am



ද්විත්ව පුරවැසිභාවය සහිත තවත් මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වීමත් සමඟ පාලක පක්ෂයට පාර්ලිමේන්තු බහුතරය අහිමි වී තිබේ.

ඔස්ට්‍රේලියාවේ පාලක කොන්සර්වේටිව් පක්ෂ ජෝන් ඇලෙක්සන්ඩර් නමැති මන්ත්‍රීවරයෙකු මෙලෙස පාර්ලිමේන්තු ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඔහු පවසා ඇත්තේ තම පියා බ්‍රිතාන්‍යයේ පුරවැසියෙකු බැවින් තමාට ද ද්විත්ව පුරවැසි භාවයක් හිමිවන බැවින් මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බවයි. 

ඔස්ට්‍රේලියානු ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව අනුව මන්ත්‍රීවරයකුට ද්විත්ව පුරවැසිභාවය දැරිය බැවින් පසුගියදා එරට මහාධිකරණ ලබාදුන් තීන්දුවකට අනුව ඔස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අගමැති බාර්නබි ජොයිස් සහ සෙනේට් සභිකයන් සිව්දෙනකු හට පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහිමි වුණි.

ඔවුන්ගේ ඉවත්වීමත් සමඟ පාලක කොන්සර්වේටිව් පක්ෂයට බලය හිමිව තිබුණේ එක් වැඩි ඡන්දයකිනි.

කෙසේවෙතත් ඔස්ට්‍රේලියානු අග්‍රමාත්‍ය මැල්කම් ටර්න්බුල් පවසන්නේ  බහුතර බලය අහිමි වුව ද පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු නොකරන බවයි.

ස්වාධීන මන්ත්‍රීවරුන් කීප දෙනකුගේ සහයෝගය පාලක කොන්සර්වේටිව් පක්ෂයට ලැබීම හේතුවෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමමේ අවශ්‍යතාවක් නොමැති බව ඔස්ට්‍රේලියානු අග්‍රමාත්‍යවරයා පවසයි.