Back to Top

සයුරෙන් එතෙර

 සිවිල් ජනතාවගේ මිනී 400ක් එක්ක සමූහ මිනීවලක් මතුවෙලා

සිවිල් ජනතාවගේ මිනී 400ක් එක්ක සමූහ මිනීවලක් මතුවෙලා

November 12, 2017  09:49 am

Bookmark and Share

හවාජා ප්‍රදේශය ආසන්නයේ තිබී සමූහ මිනීවලක් සොයාගෙන තිබේ.

ඉරාකයේ මියගිය පුද්ගලයින් 400 දෙනෙකුගේ පමණ සිරුරු එහි තිබී සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙලෙස මියගිය ඇතැම් පිරිස් සිවිල් ජනතාව බවට විශ්වාස කළ හැකි සාක්ෂි ද හමුවී තිබේ.

අයි.එස්.සටන්කාමීන් විසින් ඝාතනය කරන ලද පිරිස් මෙලෙස වළදමා ඇති බව විදෙස් වාර්තා පවසයි.

අයි.එස්.පාලනය යටතේ පැවති තවත් ප්‍රදේශ කිහිපයක තිබී මෙවැනිම සමූහ මිනී වළවල් රැසක් ඉරාක ආරක්ෂක අංශ විසින් සොයාගෙන ඇති අතර පසුගිය වසරේ අධ්‍යයන වාර්තාවකින් අනාවරණය කර තිබුණේ සමූහ මිනීවලවල් 72ක් හමුවී ඇති බවයි.