Back to Top

සාක්ෂි ඉදිරියේ දෝනි නයා නටයි- අන්තර් ජලය කැලඹූ වීඩියෝව මෙන්න

සාක්ෂි ඉදිරියේ දෝනි නයා නටයි- අන්තර් ජලය කැලඹූ වීඩියෝව මෙන්න

November 10, 2017  06:57 pm

Bookmark and Share
හිටපු ඉන්දීය ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනි ඉතා නිහඬ චරිතයකි. ඉන්දීය කණ්ඩායම ඕනෑම තරගයක් ජයග්‍රහණය කළද දෝනි එම ජයග්‍රහනය බුක්ති විඳින්නේ බොහෝම නිහඬවය.

කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන් කා, බී, නටමින් ගයමින් ජයග්‍රහණය සමරද්දී දෝනි පසෙකට වී සිනා ‍සෙමින් සිය සඟයන්ගේ ක්‍රියා දෙස බලමින් නිහඬව ජයග්‍රහනය බුකිත් විඳියි.

දෝනිගේ මේ නිහඬ බව බිඳිමින් පසුගිය දා ඉන්ස්ටග්‍රෑම් හි වීඩියෝවක් නිකුත් විය. මෙම වීඩියෝවේ දී දෝනි බොලිවුඩ් ගීතයකට අනුව නර්තනයේ යෙදෙයි.  මෙම වීඩියෝව නිකුත් කර ඇත්තේ දෝනි ගේ කොණ්ඩා මෝස්තර ශිල්පියා වන සෆ්නා භවානි විසින් බව කිවවේ. දෝනිගේ බිරිය සාක්ෂි සිය සැමියාගේ නර්ථනය දෙස බලමින්  සිනාසෙන අයුරු එම වීඩියෝවේ දක්නට ලැබේ.

මේ වනවිට මෙම  වීඩියෝව  ඉතා වේගයෙන් අන්තර් ජලය හරහා ව්‍යාප්ත වී ඇති අතර දෝනිගේ දියණිය ද ගීයක් ගායනා කරන අයුරු පසුගිය දින වල අන්තර්ජලය හරහා වේගෙන් ව්‍යාප්ත විය.