Back to Top

ඉන්දියාව සමඟ සටනට ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්ව යයි

ඉන්දියාව සමඟ සටනට ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්ව යයි

November 8, 2017  12:21 pm

Bookmark and Share


ඉන්දියාව සමඟ  පැවැත්වෙන ක්‍රිකට් තරඟාවලියට සහභාගීවිම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.
 
අද උදෑසන ඔවුන් ඉන්දියාව බලා පිටත්ව ගිය බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
 
ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දීය කණ්ඩායම සමඟ ටෙස්ට් තරඟ 03කට එක්දින තරඟ 03කට සහ 20යි 20 තරඟ 03කට සහභාගීවිමට නියමිතය.
 
 පළමු ටෙස්ට් තරඟය ලබන 16 වනදා කොල්කටාහි ඊඩ්න් ගාඩ්න් ක්‍රිඩාංගණයේදී  ආරම්භ වේ.
 
තරඟාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ලබන 11 වනදා ඉන්දිය ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම සමඟ දෙදින  පුහුණු ක්‍රිකට් තරඟයකට සහභාගීවිමට නියමිතය.