Back to Top

කොදෙව් ඉන්දියා විස්සයි විස්ස සටන ලකුණු 6 කින් ඉන්දියාව ජය ගනියි

කොදෙව් ඉන්දියා විස්සයි විස්ස සටන ලකුණු 6 කින් ඉන්දියාව ජය ගනියි

November 8, 2017  11:53 am

Bookmark and Share

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමඟ පැවති 20යි 20 ක්‍රිකට් තරඟයෙන් ලකුණු 06ක ජයක් හිමි කරගැනීමට ඉන්දිය කණ්ඩායම සමත්ව තිබේ.

තරඟය ඉන්දියාවේ තිරුවානන්තපුරම් ක්‍රීඩාංගණයේ ඊයේ පැවැත් විය.

තරඟයට බලපෑ වර්ෂා තත්වය හේතුවෙන් එක් කණ්ඩායමකට පන්දු වාර 08කට සීමා කෙරිණි.

තරඟයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ වාරය ඉන්දීය කණ්ඩායමට ලබාදුන් අතර ඉන්දීය කණ්ඩායම නියමිත පන්දු වාර 08 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 67ක් රැස් කළේය.

මනිෂ් පාන්ඩේ ලකුණු 17 ක් රැස් කළ අතර ආදික් පාන්ඩයා නොදැවී ලකුණු 13ක් රැස් කළේය.

පන්දු යැවීමේදී ටිම් සවුති සහ ඉෂ් ෂෝදි කඩුලු 02 බැගින් දවා ගත්තේය.

පිළිතුරු ඉනිම සඳහා පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායමට නියමිත පන්දු වාර 08 අවසානයේ කඩුලු 06ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 61ක් පමණි.

කොලින්ඩි ග්‍රැන්හෝම් නොදැවී ලකුණු 17 ක් රැස් කළ අතර පන්දු යැවීමේදී ඉන්දීය පිල වෙනුවෙන් ජස්ප්රිිට් බුම්රා කඩුලු 02ක් දවා ගත්තේය.