Back to Top

සංශෝධන පනත් කෙටුම්පත් 3කට කථානායකගේ අත්සන හිමිවෙයි

සංශෝධන පනත් කෙටුම්පත් 3කට කථානායකගේ අත්සන හිමිවෙයි

October 12, 2017  11:27 am

Bookmark and Share
මහා නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා සංශෝධන පනත් කෙටුම්පතට කථානායක කරූ ජයසුරිය මහතා අත්සන් තබා තිබේ.

අද(12) පෙරවරු 10.00 ට පමණ කථානායක කාර්යාලයේදී කථානායකවරයා එම පනත් කෙටුම්පතට අත්සන් තැබූ බව කථානායාක කාර්යාලය සඳහන් කළේය.

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්ථාෆා මහතා විසින් පසුගිය සඳුදා දිනයේ අදාළ පනත් කෙටම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එය සංශෝධන සහිතව ඒකමතිකව සම්මත විය.

කථානායකවරයා විසින් අත්සන් කිරීමෙන් පසු එය ගැසට් කිරීමට නියමිතයි.