Back to Top

සයුරෙන් එතෙර

ඕස්ට්‍රේලියාවේ සයිබර් ප්‍රහාරයකින් වැදගත් තොරතුරු රැසක් එළියට

ඕස්ට්‍රේලියාවේ සයිබර් ප්‍රහාරයකින් වැදගත් තොරතුරු රැසක් එළියට

October 12, 2017  10:10 am

Bookmark and Share
ඕස්ට්‍රේලියානු ආරක්ෂක අංශ සතු ඉතා වැදගත් තොරතුරු රැසක් සයිබර් ප්‍රහාරයක් මඟින් සොරකම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගිගා බයිට් 30ක පමණ ධාරිතාවයකින් යුතු තොරතුරු රැසක් මෙලෙස සොරාගෙන ඇති අතර ඕස්ට්‍රේලියානු ප්‍රහාරක ජෙට් යානා හා නැව් සම්බන්ධ තොරතුරු ඒ අතර වන බව සඳහන් වෙයි.

පසුගිය වසරේ ජූලි මාසයේදී මෙම  සොරකම සිදුව ඇති බවට ඕස්ට්‍රේලියානු ආරක්ෂක අංශ විසින් අනාවරණය කරගෙන තිබේ.

කවුරුන් විසින් මෙය සිදුකර ඇතිද යන්න මෙතෙක් කරුණු අනාවරණය වී නොමැති අතර වෙනත් රාජ්‍යයක් මෙම සොරකමට සම්බන්ධ බවට හෝ තොරතුරු ලැබී නොමැති බව ඕස්ට්‍රේලියානු රජය පවසයි.