Back to Top

රක්ෂිතයේ නිදන් හැරූ 9ක් අත්අඩංගුවට

රක්ෂිතයේ නිදන් හැරූ 9ක් අත්අඩංගුවට

October 12, 2017  08:58 am

Bookmark and Share
හබරණ, පලුගස්වැව රක්ෂිතයේ නිදන් වස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි පුද්ගලයින් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

හබරණ පොලිස් ස්ථානයට ලද තොරතුරක් අනුව සිදුකළ වැටලිමකදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වෙයි.

කැණීම් කටයුතු සඳහා යොදාගත් බැකෝ යන්ත්‍රයක් ඇතුළු උපකරණ කිහිපයක් ද පොලීසිය භාරයට ගෙන තිබේ. 

අත්අඩංගුවට ගෙන ඇත්තේ හබරණ, දඹුල්ල, කන්තලේ, ඉනාමළුව ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් පිරිසක් බව පොලීසිය පවසයි.

සැකකරුවන් අද(12) දින කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර හබරණ පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.