Back to Top

 ඇෆ්ගනිස්ථානයේ පුහුණුකාරධූරයට ඩීන් ජෝන්ස්

ඇෆ්ගනිස්ථානයේ පුහුණුකාරධූරයට ඩීන් ජෝන්ස්

October 10, 2017  08:19 am

Bookmark and Share
Ad


ඇෆ්ගනිස්ථානයේ තාවකාලික ප්‍රධාන පුහුණුකාරධූරය සඳහා ඔස්ට්‍රේලියානු හිටපු ක්‍රීඩක ඩීන් ජෝන්ස් පත් කර තිබේ.

ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ඔහු එම ධූරය සඳහා පත් කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව හොංකොං හි පැවැත්වීමට නියමිත ඇෆ්ගනිස්ථාන ඉන්ටර්කොන්ටිනල් ශූරතාවලියේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ පුහුණුකරු ලෙස ඩීන් ජෝන්ස් කටයුතු කිරීමට නියමිතය.

කෙසේවෙතත් එම තරගාවලියෙන් පසු ඔහු තවදුරටත් එම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ ද යන්න සම්බන්ධයෙන් තීරණය කිරීමට නියමිත බව ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කළේය.