Back to Top

  ජය දකුණු අප්‍රිකාවටයි

ජය දකුණු අප්‍රිකාවටයි

October 9, 2017  01:40 pm

Bookmark and Share


සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් ඉනිමක සහ ලකුණු 254ක ජයක් හිමි කර ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණි.

බංග්ලාදේශ කණ්ඩායමේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 04ට ලකුණු 573ක් ලබා සිටියදී පන්දුවට පහරදීමේ අවස්ථාව බංග්ලාදේශ කණ්ඩායමට ලබා දුනි.

ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායමට සියලු ක්‍රීඩකයින් දැවී පළමු ඉනිම සඳහා ලබා ගත හැකි වූයේ ලකුණු 147ක් පමණි.

ඉනිමක පරාජයෙන් බේරීම සඳහා බංග්ලාදේශ කණ්ඩායමට යළිත් පන්දුවට පහරදීමේ අවස්ථාව හිමි වූ අතර එහිදී ද ඔවුන්ට ලබා ගත හැකි වූයේ ලකුණු 172ක් පමණි.

මෙහිදී ඉනිම් දෙකේදී ලකුණු 66ක කඩුලු 10ක් බිද හෙලීමට දකුණු අප්‍රිකානු කණ්ඩායමේ කගිසෝ රාබඩා සමත් වුණි.

ඔහු මේ වන විට වෙස්ට් තරඟ 22කදී කඩුලු 102ක් ලබා ගෙන තිබේ.