Back to Top

අභ්‍යාවකාශ සංචාරය ළඟදීම

අභ්‍යාවකාශ සංචාරය ළඟදීම

October 6, 2017  10:35 am

Bookmark and Share
මාස 18ක් තුළ අභ්‍යාවකාශයට සංචාරකයින් රැගෙනයාම ආරම්භ කරන බව අමෙරිකානු පුද්ගලික අභ්‍යාවකාශ තාක්ෂණ සමාගමක් පවසයි.

බ්ලූ ඔරිජින් නමැති අදාල සමාගම පවසන්නේ 2019 වසරේ අප්‍රේල් මාසයේ සිට එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවයි.

 2018 වසරේදී මුදල් ගෙවා අභ්‍යාවකාශ චාරිකාවක යෙදීමේ අවස්ථාව පුද්ගලයින්ට ලබා දෙන බව අදාල සමාගම මීට පෙර ප්‍රකාශ කර තිබුණි.

මීට අමතරව ස්පේස් එක්ස් නමැති සමාගම පවසන්නේ ලබන වසරේ අවසන් කාර්තුවේදී සංචාරකයින් සඳ වටා ගමන් කිරීමේ චාරිකාවක් ක්‍රියාත්මක කරන බවයි.