Back to Top

නේට් කුණාටුව ජීවිත 20ක් බිළි ගනී

නේට් කුණාටුව ජීවිත 20ක් බිළි ගනී

October 6, 2017  09:48 am

Bookmark and Share
රටවල් කිහිපයකට බලපා ඇති නේට් සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් 20 දෙනෙකු පමණ මියගොස් තිබේ.

කොස්ටරිකා, නිකරගුවා සහ හොන්ඩුරාස් යන රවටලට සුළි කුණාටුවේ බලපෑම් එල්ලවී ඇති අතර එම සුළි කුණාටුව අමෙරිකාව දෙසට ගමන් කරමින් සිටින බව වාර්තා වෙයි.

මධ්‍යම අමෙරිකානු රටවල් කිහිපයකට මේ වන විට අනතුරු ඇගවිම් සිදු කර තිබේ.

දැඩි වර්ෂාව, නායයාම් සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් නිවාස, මාර්ග සහ පාලම් විනාශ වී තිබේ.