Back to Top

සයුරෙන් එතෙර

දේශසීමා තාප්ප වෙනුවෙන් ඩොලර් බිලියන 15 ක් වෙන් කිරීමට සුදානමක්

දේශසීමා තාප්ප වෙනුවෙන් ඩොලර් බිලියන 15 ක් වෙන් කිරීමට සුදානමක්

October 5, 2017  11:54 am

Bookmark and Share
අමෙරිකාව හා මෙක්සිකෝවේ දේශ සීමාව හරහා ඉදි කිරීමට නියමිත තාප්පය සඳහා ඩොලර් බිලියන 15ක මුදලක් වෙන් කිරීමට අමෙරිකාව සූදානම් වෙයි.

විදෙස් මාධ්‍ය පැවසුවේ, ඊයේ(04) දිනයේ පැවති අමෙරිකානු අභ්‍යන්තර ආරක්ෂක කමිටු රැස්වීමේදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉදිරිපත්කරන ලද යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වී ඇති බවයි.

දේශ සීමාවේ මුර සංචාර සඳහා නිළධාරීන් 5000ක් හා රේගු කටයුතු සඳහා නිළධාරීන් 5000ක් ද යෙදවීමට එහිදී අනුමැතිය ලැබී තිබේ.