Back to Top

සයුරෙන් එතෙර

  නවාස් ෂරීෆ් නැවත වරක් සභාපතිධූරයට

නවාස් ෂරීෆ් නැවත වරක් සභාපතිධූරයට

October 4, 2017  10:45 am

Bookmark and Share


පකිස්ථානයේ පාලක පක්ෂයේ සභාපතිධූරයට නවාස් ෂරීෆ් නැවත වරක් පත්ව තිබේ.

“සම්පූර්ණ දේශපාලන බලයක් සහිතව“ පාලක පක්ෂය වන පකිස්ථාන මුස්ලිම් ලීගයේ සභාපති ලෙස ඔහු නැවත වරක් දේශපාලනයට පිවිස ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

පාලක පකෂයේ සභාපතිධූරයට පත්වී හෝරා කිහිපයකට පසු මතබේදයට තුඩු දී තිබූ “2017 මැතිවරණ පනතට“ සිය විරෝධය පෑමට ද  නවාෂ් ෂරීෆ් කටයුතු කර ඇති බව සඳහන්ය.

පැනමා පේපර්ස් හෙළිදරව් කිරීමෙන් අනතුරුව නවාෂ් ෂරීෆ් පකිස්ථාන අග්‍රමාත්‍යධූරයට නුසුදුසු බව එරට අධිකරණයක් විසින් පසුගිය ජුලි මාසයේදී තීරණය කරනු ලැබීය.

ඒ අනුව නවාෂ් ෂරීෆ් පාලක පක්ෂයෙන් ද ඉවත්වීමට කටයුතු කර තිබුණි.