Back to Top

Ad

වැඩිම ටෙස්ට් ලකුණුලාභී කාන්තාව අවසන් ගමන් යයි

වැඩිම ටෙස්ට් ලකුණුලාභී කාන්තාව අවසන් ගමන් යයි

September 13, 2017  11:09 am

Bookmark and Share
වැඩිම ටෙස්ට් ලකුණුලාභී කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවගේ වාර්තාවට හිමිකම් කියන එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩිකා ජැනට් බ්‍රිටින් මියගොස් තිබේ.

58 හැවිරිදි ජැනට් පිලිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

1979 වසරේ සිට 1998 වසර දක්වා එංගලන්ත කාන්තා කණ්ඩායම නියෝජනය කර ඇති ඇය ටෙස්ට් ලකුණු 1935 ක් ලබාගෙන තිබිණි.