Back to Top

Ad

රයන් නැවතත් රක්ෂිත බන්ධනාගාරයට

රයන් නැවතත් රක්ෂිත බන්ධනාගාරයට

September 13, 2017  10:40 am

Bookmark and Share
වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ කැදවුම්කරු රයන් ජයලත් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
 
මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ඔහු ලබන 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළ බවයි අද දෙරණ අධිකරණ වාර්තාකරු  පැවසුවේය.
 
සයිටම් විරෝධී උද්ඝෝෂණයක් අතරතුර සෞඛ්‍ය අමාත්‍යංශයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපළවලට අලාභ හානි සිදුකල බවට චෝදනා එල්ල වී තිබූ රයන් ජයලත් පසුගිය අගෝස්තු මස 18 වනදා මාළිඟාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වුණි.

මේ අතර මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පල කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය ආරම්භ කළ වැඩ වර්ජන මාලාවේ තවත් අදියරක් අද(13) දිනයේ දිස්ත්‍රික්ක කිහිපයක ක්‍රියාත්මක වෙයි.
 
එම සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා සඳහන් කළේ වව්නියාව, මාතලේ, අම්පාර, බදුල්ල, මොණරාගල, මාතර යන දිස්ත්‍රික්කවල මෙම වර්ජන ක්‍රියාත්මක වන බවයි.