Back to Top

Ad

ලෝකයින් සමඟ සටනින් පාකිස්ථානට ජය

ලෝකයින් සමඟ සටනින් පාකිස්ථානට ජය

September 13, 2017  08:29 am

Bookmark and Share
ලෝක ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවති පළමු 20/20 ක්‍රිකට් තරගය ලකුණු 20කින් ජය ගැනීමට පාකිස්ථාන කණ්ඩායම ඊයේ(12) සමත් විය.

පාකිස්ථානයේ ලාහෝර් නුවර පැවති මෙම තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ලෝක කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව පාකිස්ථාන කණ්ඩායමට ලබා දුන්නේය.

ඒ අනුව ඔවුන් සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු පහක් දැවී ලකුණු 197ක් ලබා ගත්තේය.

එම ඉනිම වෙනුවෙන් බාබර් අසාම් ලකුණු 86ක් සහ අහමඩ් ෂෙශාඩ් ලකුණු 36ක් ලබා ගත්තේය.

පන්දු යැවීමේ දී තිසර පෙරේරා කඩුලු දෙකක් ලබාගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ලෝක කණ්ඩායමට සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් පමණක් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 177ක් පමණයි.