Back to Top

Ad

ඉර්මා නිසා බලපෑමට ලක්වූවන්ට යුරෝපීය රටවලින් සහන

ඉර්මා නිසා බලපෑමට ලක්වූවන්ට යුරෝපීය රටවලින් සහන

September 13, 2017  08:06 am

Bookmark and Share
ඉර්මා සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වු කැරිබියානු දූපත් සඳහා සහන සැලසීමට යුරෝපීය රටවල් පෙරමුණ ගෙන තිබේ.

එම දූපත්වල සංචාරයක නිරත වෙමින් ප්‍රංශ ජනාධිපති එමානුවල් මැක්රෝටන් පවසා ඇත්තේ කුණාටු තත්ත්වයෙන් විපතට පත් දූපත් සඳහා සහන සැලසීම කඩිනම් කිරීමට කටයුතු කරන බවයි.

ඔහු පවසා ඇත්තේ දෙවන ලෝක යුද්ධයට පසුව මෙම දූපත් වෙත යොමුකෙරෙන විශාලතම ගුවන් සහනාධාර තොගය අදාළ දූපත් වෙත යොමුකිරීමට පියවර ගන්නා බවයි.

බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍ය බොරිස් ජොන්සන් සහ නෙදර්ලන්ත රජු ද සුළි කුණාටුවෙන් බලපෑමට ලක්වු දූපත්වල සංචාරය කිරීමට නියමිතව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සුළි කුණාටු තත්ත්වයේ බලපෑම හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 23 දෙනෙකු පමණ මියගොස් තිබේ.