Back to Top

සයුරෙන් එතෙර

ඉර්මා ෆ්ලෝරිඩාවට කඩා වැදෙයි

ඉර්මා ෆ්ලෝරිඩාවට කඩා වැදෙයි

September 11, 2017  09:52 am

Bookmark and Share
ඉර්මා සුළි කුණාටුව අමෙරිකාවේ ෆ්ලෝරිඩාහි දකුණූ ප්‍රදේශයට බලපා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ෆ්ලෝරිඩාහි බටහිර වෙරළ තීරයේ මාකෝ දුපතට එය බලපා ඇති අතර එහි සුළං තත්ත්වය පැයට කිලෝමිටර් 120 දක්වා වැඩි වී ඇති බව වාර්තා වෙයි.

ප්‍රාන්තයේ නිවාස මිලියන 2.5කට පමණ විදුලිය විසන්ධි වී ඇති අතර නියාමි නගරයේ කොටසක් ජලයෙන් යටවී තිබේ.

සුළි කුණාටුව හේතුවෙන් ෆ්ලෝරිඩා හි මේ වන විට මරණ 03ක් ද වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඉර්මා සුළි කුණාටුව පසුගියදා කැරිබියානු දූපත්  ප්‍රදේශයට බලපෑ අතර එහිදී පුද්ගයින් 28 දෙනෙකු ජිවිතක්ෂයට පත් විය.