Back to Top

උමේෂ් යාදෙව් සහ මොහොමඩ් සාමි ඉන්දීය එක්දින සංචිතයට

උමේෂ් යාදෙව් සහ මොහොමඩ් සාමි ඉන්දීය එක්දින සංචිතයට

September 11, 2017  09:32 am

Bookmark and Share
ඉන්දිය කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩකයින් දෙදෙනෙකු වන උමේෂ් යාදෙව් සහ මොහොමඩ් සාමි යලි ඉන්දිය එක්දින සංචිතය සඳහා නම් කර තිබේ.

ඒ ඔස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන පළමු එක්දින තරඟ 03 සඳහායි.

ඉන්දිය කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු සංචාරය මෙම මස 17 වනදා ආරම්භවිමට නියමිතයි.

එම සංචාරය ඔක්තෝබර් මස 13 වනදා දක්වා පැවැත් වෙයි.

උමේෂ් යාදෙව් සහ මොහොමඩ් සාමී පසුගිය ජුලි මාසයෙන් පසුව කිසිදු එක්දින ජාත්‍යන්තර තරඟයකට ක්‍රීඩා කර නැහැ.

උමේෂ් යාදෙව් එක්දින තරඟ 70කදී කඩුලු 98ක් බිද හෙලා ඇති අතර මොහොමඩ් සාමි එක්දින තරඟ 49කදී කඩුලු 91ක් බිද හෙළා තිබේ.