Back to Top

ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තෙවන දිනය අදයි

ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තෙවන දිනය අදයි

September 9, 2017  10:42 am

Bookmark and Share

සංචාරක බටහිර ඉන්දීය කෙදෙව් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තෙවන දිනය අදයි.
 
දෙවන දිනය වූ ඊයේ(8), දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි කොදෙව් පිල කඩුලු 03ක් දැවී ලකුණු 93ක් ලබා සිටියේය.
 
තරගයේ පළමු ඉනිම සඳහා කෙදෙව් කණ්ඩායම ලකුණු 123ක් ලබාගත් අතර එංගලන්ත කණ්ඩායම ප්‍රථම ඉනිමට ලකුණු 194ක් ලබාත්තේය.
 
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මේ වන විට ලකුණු 22ක් හා කඩුලු 07 අතැතිව ඉදිරියෙන් පසුවේ.
 
දිනය නිමා වන විට දෙවන ඉනිම සඳහා නොදැවී පන්දුවට පහරදෙන කොදෙව් කණ්ඩායමේ ෂායි හෝප් ලකුණු 35ක් ලබා සිටිනවා.
 
එංගලන්ත පිල වෙනුවෙන් ජේම්ස් ඇන්ඩර්සන් කඩුලු දෙකක් හා ස්ටුවර්ට් බ්‍රෝඩ් එක් කඩුල්ලක් දවාගනු ලැබීය.