Back to Top

සයුරෙන් එතෙර

මුම්බායි නුවරට බෝම්බ ගැසූවන්ට මරණ දඬුවම

මුම්බායි නුවරට බෝම්බ ගැසූවන්ට මරණ දඬුවම

September 8, 2017  02:51 pm

Bookmark and Share

1993 වසරේ දී මුම්බායි නුවරට එල්ල වූ බෝම්බ ප්‍රහාරවලට සම්බන්ධ වූ දෙදෙනෙකුට මරණ දඬුවම නියම කර  තිබේ.

ඊට අදාල නඩුවේ තීන්දු ලබා දෙමින් මුම්බායි නුවර අධිකරණයක් විසින් මෙම නියෝගය ලබා දී ඇති  විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අපරාධයක් සිදු කිරීම සඳහා කුමන්ත්‍රණය කිරීම සහ මනුෂ්‍ය ඝාතන යන චෝදනා යටතේ  ඔවුන්ට මරණ දඩුවම නියම කර තිබේ.

මුම්බායි නුවර ස්ථාන කිහිපයකට එල්ල වූ මෙම ප්‍රහාරය  හේතුවෙන් පුද්ගලයන් 257 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.