Back to Top

Ad

තවත් බැලැස්ටික් මිසයිලයක්

තවත් බැලැස්ටික් මිසයිලයක්

September 8, 2017  10:10 am

Bookmark and Share
උතුරු කොරියාව හෙට දිනයේ තවත් බැලැස්ටික් මිසයිල අත්හදා බැලිමක් සිදු කිරිමට සැලසුම් කර ඇති බව දකුණු කොරියාව පවසයි.

දකුණු කොරියානු අග්‍රාමාත්‍ය  ලී නක් යොන් මහතා එරට ආරක්ෂක අමාත්‍යවරුන්ගේ රැස්විමක දී මේ බව ප්‍රකාශ කර තිබේ.

උතුරු කොරියාව විසින් සිදු කරන මෙම මිසයිල අත්හදා බැලීම් නතර කිරිම සදහා දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බව දකුණූ කොරියාව පෙන්වා දෙයි.

පසුගිය කාලය පුරාවටම උතුරු කොරියාව මෙවැනි මිසයිල අත්හදා බැලීම් සිදු කළ අතර මෙය ජාත්‍යන්තර ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බව දකුණු  කොරියානු අග්‍රාමාත්‍යවරයා කියා සිටී.